Intro

ශ්‍රී ලංකාවේ ශ්වේජින් නිකායේ ආරම්භය යනු පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ ආරම්භය යි. පහත බුරුමයේශ්වේජින් නිකායේ මහා නායක ධුරය හෙබවූ රාජපූජිත සාසනාලංකාර සද්ධම්මාභිවංශ සිරිපවර කවිධජ මහා ධම්මරාජාධිරාජගුරු මහා නාහිමියන්ගේ ශිෂ්‍ය ඌ. විනයාලංකාර නාහිමියෝ එකොළොස් දස වසකට පමණ පෙර ඌ. ජයන්ත නම් බුරුම භික්ෂුවක් ද සමඟ ශ්‍රී ලංකාවට වැඩම කර ඇත්තේ දන්ත ධාතූන් වහන්සේ ඇතුළු සිද්ධස්ථානයන්වන්දනා කිරීම සඳහා ය. මේ දෙනමගේ වන්දනා ගමන පා ගමනින් සිදු වූඅතර මේ කාලයේ රුවන්වැලි මහ සෑය ප්‍රතිසංස්කරණය ආරම්භවී තිබූකාලය ය. සාරමසක් රුවන්වැලි මහ සෑය අසල නැවතී සිටිමින් එහි පස්ඉවත් කිරීම සිදු කළ නාහිමියෝ එහි පිනෙන් දෝ මහ සෑයට ලක්ෂගණනක් අගනා චූඩාමාණික්‍යයක් පැලඳවීමේ භාග්‍ය ද හිමිකර ගත්හ. විනයාලංකාර නාහිමිපාණන් වහන්සේ කළ සඤ්චාරයේ දී අවසානයට ශ්‍රීපාදස්ථානය වන්දනා කොට බුරුම රටට වැඩම කිරීම සඳහා රත්නපුරපානදුර මාර්ගයේ වඩින අතරතුර විඩා සංසිඳවා ගැනීම සඳහා කුළුපනකන්දේ පිහිටි රමණීය ගල්ලෙනක් තෝරා ගත්තේ ය. ඒ වන විට හොරණප්‍රදේශයේ ජනතාව බුරුම භික්ෂූන් දැක නොතිබූ නිසා උන්වහන්සේලා දැකගන්නට වැල නොකැඩී පැමිණෙන්නට වූහ..

මේ නිසා බුරුම ගමන ප්‍රමාද වූ විනයාලංකාරනාහිමි හාර මාසයක් කුලුපන කන්දේ නැවතී සිටපිටත්වීමට සූදානම් වන විට හොරණ පළතේබෞද්ධයෝ මුන්වහන්සේ කෙසේ හෝ මෙහිමනවත්වා ගතයුතුයි සිතා කටයුතු සිදු කළහ. ඒ අනුවවැලිගම්පිටියේ ඩී.ඇල්. ගුණවර්ධන අප්පුහාමිමහතා ඇතුළු දායක පිරිසක් විසින් පොකුණුවිට, වැලිගම්පිටිය, මීමන, කුළුපන, කනේවල යන ගම්සය මැද පිහිටි මනරම් භූමිභාගයන් මිලට ගෙනපිරිසිදු කොට තාවකාලික ආවාස තනා කුළුපන කන්දෙන් බුරුම හිමි වරු දෙනම වඩමවා ගන්නා ලදහ. ඉන් පසු බුරුමනාහිමියන්ට පැහැදුනු ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයෝ බොහෝ දෙනෙක් පැමිණියෙන් 1906 ජනවාරි 08 වන දින රැන්ගුන් නුවරමහාධම්මදීපිකාරාමයේ ඌ. ජින ස්වාමින් වහන්සේ ලංකාවට වැඩම කර විනයාලංකාර නාහිමියන්ගේ ශිෂ්‍යයන් ලෙසවිසිහත් දෙනෙක් පැවිදි කරුවනු ලැබූහ. ඒ පිරිස ලක්දිව පැවිදි වූ පළමු ශ්වේජින් නිකායික භික්ෂු පිරිසය. මේ ආරාමභූමියේ ඇති පහසුකම් තිස්දෙනෙකුට විසීමට ප්‍රමාණවත් නොවූයෙන් ධර්මශාලා විහාර ආවාස ආදී අංග සම්පූර්ණ කොට1907 ජනවාර මස 20වැනි දින ඌ.විනයාලංකාර නාහිමි ප්‍රමුඛ මහා සංඝ රත්නයට ආරාම භූමිය සාංඝීක ලෙස පූජාකරන ලද්දේ ය.

මෙසේ ඉදි වූ විහාරස්ථානයට ශ්‍රී විනයාලංකාරාරාමය යන නම තබන ලද්දේ ය.
ශ්වේජින් නිකායට අයත් විහාරස්ථානයක් ලක්දිව ගොඩනැගුන ද එහි වැඩසිටින භික්ෂූන්ට විනය කර්ම කිරීමසඳහා ශීමාවක් නො වීය. මේ කාලයේ ඌ.ගුණාභිධාන මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ විංශතිවර්ගික සංඝ පිරිසක් දාඨාධාතු වන්දනාව සඳහා ලංකාවට වැඩම කළහ. පොකුණුවිට දායක පිරිස උන්වහන්සේලාට ශීමා බන්ධනය සඳහාආරාධනා කළහ. ඒ අනුව පොකුණුවිට විහාරස්ථානයට වැඩම කළ ශ්වේජින් නිකායික මහා සංඝයා 1907.පෙබරවාරිමස 07 වන දින සුපරිශුද්ධ මුල්ම ශීමාව සම්මත කළහ. එම ශීමාව සඳහා මහා සංඝයා විසින් ම්‍රම්මවංශික ශාසන මූලවිශුද්ධි ශීමා යන නාමය තබන ලද්දේ ය.

1907 අග භාගයේ දී පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ සිටි සාමණේර පිරිස වැඩිදුර අධ්‍යාපනය සඳහා බුරුමරටට යැවීමට කටයුතු සූදානම් කළහ. එසේ බුරුම දේශයට වැඩි සාමණේර පිරිසට මහාචාර්ය රේරුකානේ චන්දවිමලමහානායක මාහිමිපාණන් වහන්සේද එදා ඇතුළත් විය.
වසර දහයකට පමණ පසු ලක්දිවට වැඩම කළ විසිහත් නමගෙන් වයසින් අඩුම කෙනා වූ රේරුකානේ මහ නාහිමිපොකුණුවිට විහාරස්ථානයට වඩින විට එහි අධිපතිත්වය දැරුවේ කබල්ලෑගොඩ අග්ගධම්මාලංකාර ස්වාමින්ද්‍රයන්වහන්සේ ය. උන්වහන්සේගෙන් පසු පොකුණුවිට විහාරස්ථානයේ වැඩ සිටිමින් ආගමික සාමාජීය ධර්ම ශාස්ත්‍රීයකටයුතුවල නිරත වූ රේරුකානේ මහනාහිමිපාණන් වහන්සේ විහාරස්ථානයේ විහාරාංගයන්හි අඩුපහඩු ද සම්පූර්ණකරමින් සියක් වසක් ආයු විඳිමින් වැඩ සිට 1997.07.04 වන දිනඅපවත්වී වදාළ සේක. මහනාහිමිපාණන් වහන්සේ අපවත්වීමටපෙරදීම අපවත්වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපුකතිකාචාර්ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේසහ ගොඩිගමුවේ සෝරත යන ස්වාමින්ද්‍රයන් වහන්සේලා දෙනමවිනයාලංකාර විහාරස්ථානය, දහම්පාසල සහ නාහිමියන් රචිත දහම්පොත් නැවත මුද්‍රණය කිරීම් ආදී කටයුතු සිදුකරමින් මහඟුමෙහෙයක් ඉටු කළහ.

1997 වර්ෂයේ විහාරාධිපති ධුරය සඳහා පත්වූ වත්මන්විහාරාධිපති ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍යකිරිඔරුවේ ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ විහාරස්ථානයේදියුණුව තවත් වැඩිකළ හෙයින් නාහිමියන්ගේ පොත් ක්‍රමවත්වපැවැත්වීම සඳහා ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවීමට කටයුතු කරීම, විනයාලංකාර දහම්පාසලසඳහා සුදුසු ආචාර්ය මණ්ඩලයක් පත්කිරීම, විහාරස්ථානය වැඩිදියුණු කිරීම, දායක කාරකාදීන්ගේ කුදුමහක් අවශ්‍යතාඉටු කර දීම, කුල දරුවන් සසුන්ගත කර ශිෂ්‍ය පිරිසක් ගොඩනැගීම සහ 2600 බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ ගුණ සිහිකර සඳවිමල සෙනසුන නමින් විවේකස්ථානයක්ගොඩනැගීම ආදී කටයුතු දැක්විය හැකි ය.

මේ සියලු කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස නාහිමියන් රචිත පොත්පත්සමාජගත කිරීම, ප්‍රදේශයේ දීප්තිමත් දහම් පාසලක් ලෙස විනයාලංකාරදහම් පාසල පවත්වාගෙන යාම, පොහොය දිනයේ ආගමික කටයුතු සඳහාශ්‍රී සද්ධර්ම සාගර ශාලාව නමින් සුවිසල් ධර්‍මශාලාවක් ඉදිවීම, දෙමහල්සංඝාවාසය, පුස්තකාලය, දානශාලාව ඉදිවීම, දහම්පාසල පැවැත්වීම සඳහාඅවශ්‍යය ගොඩනැගිලි ආදිය ඉදිකිරීම ප්‍රතිසංස්කරණය කිරීම ආදී කටයුතු ද, පොකුණුවිට, වැලිගම්පිටිය, මීමන, කුළුපන, කනේවල, හේනේගම, බණ්ඩාරවත්ත ගම්වල ගම්වැසියන්ගේ ආගමික කටයුතු සහ සති අන්තයේදී භාවනා වැඩසටහන් දම් දෙසුම්, ධර්‍ම සාකච්ඡා ආදිය පැවැත්වීම, පූජ්‍යකුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ වැනි වියත් ධර්ම කතිකයන්ගෙන්යුත් පසළොස් නමක් පමණ භික්ෂු පිරිසක් වැඩ සිටීම, සිත් ගන්නාභූමිභාගයක සඳවිමල සෙනසුන නමින් වසර දෙකහමාරක් තුළ අංගසම්පූර්ණ විවේකස්ථානයක් ගොඩනැගීම දැක්විය හැකි ය.

වර්ෂ 2012ක් වූ ජනවාරි මස 08 වන දින මහාචාර්ය රේරුකානේචන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ පැවිදිව වසර 106 සම්පූර්ණවන දිනය යි. එදිනට ලෝ වැසි බෞද්ධයාට රේරුකානේ චන්දවිමලමහනාහිමිපාණන් වහන්සේ පිළිබඳව, ශ්‍රී විනයාලංකාරාරාමය පිළිබඳතොරතුරු දැනගැනීමට සහ නිරවුල්ව දහම ප්‍රචාරය කිරීම සඳහා www.rerukanemahanahimi.lk නමින් වෙබ් අඩවියක් නිර්මාණයකිරීමට කටයුතු කරනු ලැබුවේ ද වත්මන් විහාරාධිපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ අවවාදඅනුශාසනා පරිදි ය.

ශ්‍රී විනයාලංකාර දහම්පාසල

Maatha Foundation - මාතා පදනම

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක
මාහිමිපාණන් වහන්සේ

About

බුරුම ජාතික ඌ. විනයාලංකාර නාහිමියන් වහන්සේගේ ගිහි නම වූයේ “මියන් කයි” ය. උන් වහන්සේ මියන්මාරයේ මොන් ප්‍රාන්තයේ මෝලමියයින් දෛවන්සැවේන් ටන්පින්ගොන් හිදී මියන්මාර් වර්ෂ 2140-10-12 වන (අටවක) බදාදා දින උපත ලැබීය. උන්වහන්සේගේ පියා ඩො කො වන අතර මව යූ. සින් ය. උන් වහන්සේ වයස අවුරුදු 11 දී පැවිදි වූ අතර උපාධ්‍යායන් වහන්සේ වූයේ භදන්ත සීලා හිමියන් ය. බුරුමයේ වසර 12 ක පමණ කාලයක් ධර්ම විනය හැදෑරූ අතර ඒ කාලය තුළ දී උන්වහන්සේ උපසම්පදා වූහ.ඉන් අනතුරුව ක්‍රි. ව. 1901 දී ලංකවට වැඩම කළ අතර හොරණ කුලුපන වැරුලලහේන කන්දේ ගල් ලෙනක මාස තුනක පමණ කාලයක් වැඩ වාසය කළ උන්වහන්සේ ඉන් අනතුරුව පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමය ඇරඹූහ.

ඉන් අනතුරුව ක්‍රි. ව. 1901 දී ලංකවට වැඩම කළ අතර හොරණ කුලුපන වැරුල්ලහේන කන්දේ ගල් ලෙනක මාස තුනක පමණ කාලයක් වැඩ වාසය කළ උන්වහන්සේ ඉන් අනතුරුව පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමය ඇරඹූහ. ඉන් පසුව උන් වහන්සේ ආරම්භ කළ විහාරස්ථාන අතර කොළඹ 10 සුදුවැල්ල ශ්‍රී විනයාලංකාරාරාමය, කොළඹ 10 දෙටගොඩ මකුටාරාමය, ඩී. එස්. සේනානායක පාරේ ශ්‍රී විනයාලංකාරාරාමය මෙන් ම අනුරාධපුර විනයාලංකාරාරාමය යන විහාරස්ථන ද විය. උන්වහන්සේ 1907-02-07 වන ගුරු දින ඌ. ගුණාභිදාන මහා ස්ථවිරයන් ප්‍රමුඛ විංශත් වර්ගික භික්ෂූන් විසින් පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ සීමා මාලකය වන “ම්‍රම්මවංශික ශාසනමූල විශුද්ධි සීමා” ව පිහිටුවූහ

එසේම 1938 දී රුවන්වැලි මහා සෑයේ වර්තමානයේ දක්නය ලැබෙන මැණික් එබ්බූ රන් කොත සහ චූඩා මාණික්කය බුරුම ජාතික බෞද්ධයන්ගේ ආධාර ඇතිව පූජා කළ අතර මහනුවර දළඳා මාලිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම හා එහි පසුපස ගොඩනැගිල්ල ඉදි නිරීමට ද දායක විය. උන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාතනයේ උන්නතිය උදෙසා කරන ලද සේවාවන් ඇගයීමක් වශයෙන් එවක ලක් රජය විසින් කොළඹ මරදාන සුදුවැල්ලේ “විනයාලංකාර මාවත” නම් කොට ඇත. උන්වහන්සේ කොළඹ 10 ශ්‍රී විනයාලංකාරාරාමයේ දී 1957-04-11 දින අපවත් වී වදාළහ.


ඌ. විනයාලංකාර නාහිමිපාණන් වහන්සේ විසින් පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ දී කුල දරුවන් 27 දෙනෙක් පැවිදි කළහ. ඒ මෙසේය.

කිදෙල්පිටියේ විනයවිසුද්ධි හිමි.
කබැල්ලාගොඩ අග්ගධම්මාලංකාර හිමි.
මස්විල වංසාලංකාර හිමි.
මීමන කවිස්සර හිමි.
වැලිතර ජිනවංස හිමි.
බටුවිට උක්කට්ඨවංස හිමි.
කනේවල අමරවංස හිමි.
කනේවල මංගල මෝලි හිමි.
වැලිගම්පිටියේ මංගලජෝති හිමි.
වැලිගම්පිටියේ විනය ජෝති හිමි.
මීමන උක්කට්ඨමෝලී හිමි.
පොකුණුවිට ඛේමාලංකාර හිමි.
කොළමැදිරියේ වංසාලෝක හිමි.
හාන්දුපැල්පොල ආදිච්චවංස හිමි.
කුළුපන විමලබුද්ධි හිමි.
රයිගම අරියාරාම හිමි.
වැලිගම්පිටියේ අමතගවේසී හිමි.
වැලිගම්පිටියේ උක්කංසඤාණ හිමි.
කුළුපන සච්චානන්ද හිමි.
කුඹුකේ ඨානින්ද හිමි.
වැලිගම්පිටියේ ඨානගවේසී හිමි.
කුළුපන ඨානිස්සර හිමි.
හේනේගම රතනරංසි හිමි.
කුළුපන අමතජෝති හිමි.
කුළුපන විශුද්ධිරංසි හිමි.
වැලිතර මහිද්ධික හිමි.
රේරුකානේ චන්දවිමල හිමි.

Map Location


Contact Details

ශ්‍රී විනයාලංකාරාරාමය
පොකුණුවිට

දුරකථන අංක - 034 2263958 / 071 3360660 / 071 9796614
ෆැක්ස් අංකය - 0342265251

srivinayalankara@gmail.com
info@srivinayalankara.lk

Contact Form

Publication

රේරුකානේ චන‍දවිමල මහනාහිමිගේ දහම් පොත්

බෞද්ධයකු වශයෙන් දතයුතු මූලික කරුණු ඇතුළත් පොත්


Download Book Name Read
  • බෞද්ධයාගේ අත්පොත Read
  • පු‍ණ්‍යෝපදේශය Read
  • සූවිසි මහ ගුණය Read
  • මංගල ධර්ම විස්තරය Read
  • පොහොය දිනය Read
  • බෝධි පූජාව Read
  • බුද්ධ නීති සංග්‍රහය Read
  • බෝධිපාක්ෂික ධර්ම විස්තරය Read
  • පාරමිතා ප්‍රකරණය Read
  • ධර්ම විනිශ්චය Read
  • නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය Read

    අභිධර්මය හදාරන්නන්ට සහ මනෝ විද්‍යාත්මකව බුදු දහම අගය කරන්නන්ට වැදගත් පොත්


    Download Book Name Read
  • අභිධර්මයේ මූලික කරුණු Read
  • අභිධර්ම මාර්ගය Read
  • වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම Read
  • කෙලෙස් එක්දහස් පන්සීය Read
  • පට්ඨාන මහා ප්‍රකරණ සන්නය Read
  • අනුවාද සහිත අභිධර්මාර්ථ සංග්‍රහය Read

    භාවනා කරන්නවුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් පොත්


    Download Book Name Read
  • චතුරාය්‍ය සත්‍යය Read
  • විදර්ශනා භාවනා ක්‍රමය Read
  • චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව Read
  • සතිපට්ඨාන භාවනා ක්‍රමය Read
  • සතිපට්ඨාන භාවනා විවේචනය හා වෙනත් කෘති. Read
  • පටිච්ච සමුප්පාද විවරණය Read

    විනය අභිලාෂීන්ට හා පැවිදි බවට පත් වූ හිමිවරුන්ට ප්‍රයෝජනවත් පොත්


    Download Book Name Read
  • ශාසනාවතරණය Read
  • උපසම්පදා ශීලය Read
  • විනය කර්ම පොත Read
  • අනුවාද සහිත උභය ප්‍රාතිමෝක්ෂය Read

    ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලයෙන් ප්‍රකාශිත වෙනත් පොත්


    Download Book Name Read
  • මෙකල නිවුනු ඇත්තෝ Read
  • සුරාධුර්තය හෙවත් මද්‍යලෝලය Read
  • බුදුසසුන පුබුදු කළ ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය සියවස, ශාස්ත්‍රීය සමරු කලාපය. Read
  • දීඝනිකාය ටීකාව Read

    ධර්ම දානය උතුම්ම දානයයි. මේ සදහා ඔබටද දායක විය හැකිය, ශ්‍රි විනයාලංකාරාරාමය - පොකුණුවිට. දුරකථන අංක - 034 2263958 / 071 3360660 / 071 9796614 ෆැක්ස් අංකය - 0342265251 .

    Intro

    bawddayage-athpotha

    Intro

    punyopadeshaya